AO3 News

Post Header

Published:
2020-12-13 17:28:55 UTC
Original:
Upcoming changes to images
Tags:

ඉදිරි දින කිහිපයදි, රසික නිර්මාණ තුළ ප්රදර්ශනය වන පින්තූර වලට අප සුළු වෙනස්කම් කරන්නෙමු. කුඩා තිර සඳහා Archive of Our Own – AO3(පරිවර්තන) පරිශිලක-මිත්රශීලී කිරීමට, අපි පෙරනිමි රූප යාවත්කාලීන කරනුයේ, මෙම රෑප ඔබගේ තිරයේ සම්පූර්ණ පළලට වඩා පුළුල් නොවන බවට සහතික කිරීමටයි.

පෙර සහ පසු: අර්ධ වශයෙන් කපා දමා ඇති AO3 ලාංඡනයක් සහිත නිර්මාණයක් දකුණු පැත්තේ දර්ශනය වන අතර,වම් අතෙහි සම්පූර්ණ තිරයට ගැලපෙන සේ ප්රතිනිර්මාණය කර ඇති රූපය.

මෙම වෙනස නව සහ පවතින කෘති දෙකටම අදාළ වන අතර එය සිදු කරනු ලබන්නේ CSS භාවිතා කරමිනි. එයින් අදහස් වන්නේ එය AO3 හි රූපය දර්ශනය වන ආකාරය කෙරෙහි පමණක් බලපාන බවයි - රූප ගොනු වෙනස් නොකෙරේ.

ඔබ චිත්ර ශිල්පියෙකු නම් සහ අන් අයට ඔබේ නිර්මාණ විශාල ප්රමාණයෙන් බැලීමට පහසු කිරීමට කැමති නම්, සම්පූර්ණ ප්රමාණයේ රූපයට සබැඳියක් ලබා දෙන ලෙසට අපි නිර්දේශ කරමු. අපගේ නිති අසන ප්රශ්න HTML සමඟ සබැඳියක් සාදා ගන්නේ කෙසේද? විස්තර කරයි. නැතහොත් ඔබට අපගේ පොහොසත් පෙළ සංස්කාරකයේ සබැඳි බොත්තම භාවිතා කළ හැකිය.

පින්තූරයක් සම්පූර්ණ ප්රමාණයෙන් බැලීමට කැමති කලා ලෝලීන්ට, ඔබගේ බ්රව්සරය උදව් කරාවි! ඔබගේ උපාංගය සහ බ්රව්සරය අනුව උපදෙස් වෙනස් වනමුත් සාමාන්යයෙන් ඔබට මෙනුවක් විවෘත කිරීම සඳහා රූපයක් මත දකුණු-ක්ලික් කළ හැකිය (හෝ ඔබේ උපාංගයට සමාන) එමඟින් වෙනත් ටැබ් එකක රූපය විවෘත කිරීමට හෝ ඔබට පසුව පිවිසීමට රූපයේ වෙබ් ලිපිනය පිටපත් කිරීමට විකල්පයක් තිබිය යුතුය. වඩාත් සවිස්තරාත්මක උපදෙස් සඳහ ඔබගේ ප්රියතම සෙවුම් යන්ත්රයට ගොස් "වෙනත් කවුළුවක රූපය විවෘත කරන්න" සහ ඔබගේ බ්රව්සරයේ මෙහෙයුම් පද්ධතියේ හෝ උපාංගයේ නම සහ අනුවාදය සෙවීම අපි නිර්දේශ කරමු.