AO3 News

Post Header

Published:
2021-02-04 03:03:10 UTC
Original:
Upcoming changes to comments
Tags:

අපගේ මීළඟ නිකුතුවේදී, Archive of our Own – AO3 (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) හි අදහස් දැක්වීම්වල, වෙනස්කම් දෙකක් සිදු කරන්නෙමු. පළමු වෙනස මඟින් නිර්මාණකරුවන්ට සහ වෙබ් අඩවි පරිපාලකයින්ට අදහස් දැක්වීම් මුද්රා තැබීමේ හැකියාව ලැබෙනු ඇත. දෙවැනි වෙනස මඟින් වෙබ් අඩවි පරිපාලකයින්ට, ප්රවෘත්ති සටහන් මත අදහස් පළ කිරීම සීමා කිරීමේ විකල්ප ලැබෙන අතර, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ කෘති පිළිබඳ අදහස් සීමා කළ හැකිය.

අදහස් දැක්වීම් මුද්රා තැබීම

නිර්මාණකරුවන්ට "Freeze Thread" (අදහස් දැක්වීම් මුද්රා තැබීම) බොත්තම යොදා ගනිමින්, තම නිර්මාණ මත පළවූ අදහස් දැක්වීම් මුද්රා තැබිය හැකිය. අදහස් දැක්වීම් මුද්රා තැබිම මඟින්, අදහස් දැක්වීමකට හෝ එහි ඕනෑම පිළිතුරකට නව පිළිතුරු එක් කිරීම වළක්වයි. එය අදහස් දැක්වීම් සංස්කරණය කිරීමද වළක්වයි.

 පිළිතුරු සහිත අදහස් දැක්වීමක්. සෑම අදහස් දැක්වීමකටම මුද්රා තැබීමේ බොත්තමක් ඇත.

මුද්රා තැබු අදහස් දැක්වීමකට "Frozen" ( මුද්රා තැබූ) දර්ශකයක් තිබෙන අතර, "Reply"(පිළිතුරු) බොත්තම සැඟවෙනු ඇත. "Unfreeze Thread"(මුද්රා නොකළ අදහස් දැක්වීම්) විකල්පය මඟින් නිර්මාණකරුවන්ට පිළිතුරු නැවත සක්රීය කිරීමට ඉඩ දෙනු ඇත.

 පිළිතුරු සහිත අදහස් දැක්වීමක්. පළමු පිළිතුර සහ එහි පිළිතුරු මුද්රා   තබා ඇති අතර, එබූ බොත්තමක් මෙන් පෙනෙන මුද්රා තැබූ දර්ශකයක් ඇත. එලෙසම, මෙයට මුද්රා නොකළ අදහස් දැක්වීම් බොත්තමක්ද ඇත.

“අදහස් දැක්වීම් මුද්රා තැබීම” මඟින් සියලුම අදහස් දැක්වීම්වලට පිළිතුරු තැබීම වලක්වනු ලැබුවද, නිර්මාණකරුවන්ට “ද්රා නොකළ අදහස් දැක්වීම්” භාවිතා කර සමහර අදහස් සඳහා පිළිතුරු දීම නැවත සක්රීය කළ හැකිය.

AO3 පරිපාලකයින්ට ප්රවෘත්ති සටහන් මත පළවූ අදහස් දැක්වීම් මුද්රා තැබිමේ හැකියාව ලැබෙන අතර ප්රතිපත්ති සහ අපයෝජන කණ්ඩායමට වෙබ් අඩවියේ ඕනෑම තැනක අදහස්මුද්රා තැබිමට හැකි වනු ඇත.

ප්රවෘත්ති සටහන් මත පළවූ අදහස් දැක්වීම්හි සැකසුම්

අගෝස්තු මාසයේදී, අපි නිර්මාණකරුවන්ට ඔවුන්ගේ කෘති ගැන අදහස් දැක්විය හැක්කේ කාටද යන්න පිළිබඳව වැඩි පාලනයක් ලබා දුන්නෙමු. මෙමඟින් ඔවුන්ට, ඕනෑම කෙනෙකුට අදහස් දැක්වීමට ඉඩ දීම,ලියාපදිංචි පරිශීලකයින්ට අදහස් දැක්වීම සීමා කිරීම හෝ අදහස් සම්පූර්ණයෙන්ම අක්රිය කිරීම යන විකල්ප අතරින් තෝරා ගැනීමට හැකියාව ලබා දෙයි.

ඉතා ඉක්මනින්, AO3 පරිපාලකයින්ට ප්රවෘත්ති සටහන් නිර්මාණය කිරීමේදී සහ සංස්කරණය කිරීමේදී, මෙම විකල්පයම හිමිවනු ඇත. මෙමඟින්, අපගේ කණ්ඩායම් වලට යල්පැනගිය ප්රවෘත්ති සටහන් පිළිබඳ අදහස් අක්රිය කිරීමට සහ නව ප්රවෘත්ති සටහන්, අයාචිත තැපැල් වලින් යටපත් වීම වැළැක්වීමට හැකි වේ. ( උදා. : දැන්වීම් හෝ, වඩාත් පොදුවේ ගතහොත්, බොට්ස් විසින් ඉතිරි කර ඇති අහඹු අකුරු කෙටි මාලා)

ප්රවෘත්ති සටහනක අදහස් පළ කිරීම අක්රිය කර තිබේ නම්, හෝ ඔබ වෙබ් අඩවියෙන් ඉවත් වී, අදහස් පළ කිරීම ලියාපදිංචි පරිශීලකයින්ට පමණක් සීමා කර ඇත්නම්, අදහස් පළ කිරීමේ පෝරමය, “කුමන සැකසුම භාවිතා කරන්නේද” යන්න දැක්වෙන පණිවිඩයක් මඟින් ප්රතිස්ථාපනය වනු ඇත.

ඔබට ප්රවෘත්ති සටහනක් ගැන අදහස් දැක්විය නොහැකි නම්, ඕනෑම ප්රතිපෝෂණයක් සමඟ සහාය සම්බන්ධ කර ගත හැක .

මෙම වෙනස්කම් දෙකම AO3හි පළ වන අදහස් කියවන, ලියන මෙන්ම අදහස් ලබා ගන්නා පරිශීලකයින්ට සහ ස්වේච්ඡා සේවකයන්ට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු!

සංස්කරණය, පෙබරවාරි 12, 21:20 UTC: මාතෘකාවෙන් බැහැර සාකච්ඡා, ට්රොලිං සහ පෝස්ට් හි ඉංග්රීසි අනුවාදයට හිරිහැර කිරීම හේතුවෙන් මෙම ලිපියේ අදහස් අක්රීය කිරීමට සිදුවිය.